සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා. ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද? ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද? ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද?
දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු කාරණා කීපයක් කියන්නම්කෝ.
අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම්...
එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම්... එයම ආදරය යැයි කියමින් සැනසෙනවා නම්...
ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑ... තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑ, තමන්ට ආදර වදන් කියන්නේ නෑ, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑ කියලා තැවෙනවා නම්...
ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම්... ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම්...
එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම්...
දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව?
ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි. ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි. එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ.
මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ කැමතිද?
ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද?
එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද?
එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද?
මම නම් කැමති නෑ. ඇයි? තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද?
ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද?
මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා.
දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක් නොවේද? අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක් නොවේද? ඉතින් ඇයි ඔබ මෙච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න!
✍✍නිර්නාමිකයා✍✍
Wednesday, 11 March 2020
ආදරය (The Love)- ඉවොන් ශනා
ආදරය - The Love
සැබැ ආදරය ගැබුරු ය
එය පුද්ගල ජිවීතාන්තය දක්වාම බැදී
පවතින්නකී.🖤
එය පුද්ගල ජිවීතාන්තය දක්වාම බැදී
පවතින්නකී.🖤
එය දේශ සීමා මායීම් බන්දන
අභිබවා යන අපූර්ව සංකල්පය කී.❣️
අභිබවා යන අපූර්ව සංකල්පය කී.❣️
විශ්වයේ ජිවයද ආදරයයි
ලෝකයේ පැවැත්ම රදා පවතින්නේද
ආදරය මතයී.🖤
ලෝකයේ පැවැත්ම රදා පවතින්නේද
ආදරය මතයී.🖤
එයට හැඩයක් හෝ ඡායාවක් නැත
එය ස්පර්ශ කිරිමටද හැකියාවක් නැත.🖤
එය ස්පර්ශ කිරිමටද හැකියාවක් නැත.🖤
එය මනසින්ම දැකිය හැකි
මනසින්ම ස්පර්ශ කල
උතුම් සංකල්පයකී.🖤
මනසින්ම ස්පර්ශ කල
උතුම් සංකල්පයකී.🖤
සැබෑ ආදරය උපදින්නේ දියුණු කළ
සිතකය.🖤
සිතකය.🖤
එහි වෛරයක් ක්‍රෝධයක් මානයක්
අහංකාරයක්,දැඩි ඇශාවක් කෑදරමක්
අත්මාර්ථකාමීත්වයක් නැත ප්‍රෙමය ඇත.🖤
අහංකාරයක්,දැඩි ඇශාවක් කෑදරමක්
අත්මාර්ථකාමීත්වයක් නැත ප්‍රෙමය ඇත.🖤
✍✍ඉවොන් ශනා✍✍
අවසරයකින් තොරව උපුටා
ගැනීම තහනම් ..
ඔයා වෙනුවෙන්
...ඔයා වෙනුවෙන්..
මට ඔයා අඩනවා
බලන්න බැහැ,
ඒත් ඔයා වෙනුවෙන්
අඩන්නම්,,,,,,
මට ඔයා සුසුම් හෙලනවා
බලන්න බැහැ ,,,,
ඒත් මම ඔයා
වෙනුවෙන් සුසුම්ලන්නම්
මට ඔයා වේදනා
විදිනවා බලන්න බැහැ
ඒත් මම ඔයා
වෙනුවෙන් විදවන්නම්
මට ඔයා දුකෙන්
ඉන්නවා බලන්න බැහැ.
ඒත් මම ඔයා
වෙනුවෙන් දුකෙන්
ඉන්නම් ,,,,,,,
ඒ කිසිදෙයක් නිසා
නෙවේ,,,රත්තරන්,,,
සත්තකින්ම මම ඔයාට
ගොඩාක් ආදරේ නිසා,,,,,
ඔයාගේ සතුට මගෙන්
ඈතට යන්නනම් යන්න,,,,
ඒත් මම ඉවසන්නම්,,,,,
ඔව් සත්තකින්ම
ඒ මගේ හදවතේ
පිරුණු ආදරේ නිසාමයි.....
ආදරෙයි පනටත් වඩා ,,,,,,සත්තමයි,,,,,,
✍✍සුදුවා (නිර්නාමිකයා)✍✍
කිසිම අයුරකින් උපුටා ගැනීම තහනම්..
(නිර්මාණකරුගේ අවසරයකින් තොරව)
,,
මට ඔයා අඩනවා
බලන්න බැහැ,
ඒත් ඔයා වෙනුවෙන්
අඩන්නම්,,,,,,
මට ඔයා සුසුම් හෙලනවා
බලන්න බැහැ ,,,,
ඒත් මම ඔයා
වෙනුවෙන් සුසුම්ලන්නම්
මට ඔයා වේදනා
විදිනවා බලන්න බැහැ
ඒත් මම ඔයා
වෙනුවෙන් විදවන්නම්
මට ඔයා දුකෙන්
ඉන්නවා බලන්න බැහැ.
ඒත් මම ඔයා
වෙනුවෙන් දුකෙන්
ඉන්නම් ,,,,,,,
ඒ කිසිදෙයක් නිසා
නෙවේ,,,රත්තරන්,,,
සත්තකින්ම මම ඔයාට
ගොඩාක් ආදරේ නිසා,,,,,
ඔයාගේ සතුට මගෙන්
ඈතට යන්නනම් යන්න,,,,
ඒත් මම ඉවසන්නම්,,,,,
ඔව් සත්තකින්ම
ඒ මගේ හදවතේ
පිරුණු ආදරේ නිසාමයි.....
ආදරෙයි පනටත් වඩා ,,,,,,සත්තමයි,,,,,,
✍✍සුදුවා (නිර්නාමිකයා)✍✍
කිසිම අයුරකින් උපුටා ගැනීම තහනම්..
(නිර්මාණකරුගේ අවසරයකින් තොරව)
Tuesday, 10 March 2020
ජීවිතය(The life)
...ජීවිතය...
මහමෙරකටත් ටිකක් වැඩියෙන්
දුක් කඳුළු සිත තුළ දරා
වසා හද දොර ලොවෙන් සඟවා
සිනාවෙන් මුවවිට සරා
බිඳී
විසිරී යන්ට වලිකන
ජීවිතය දෝතින් දරා
වැටි වැටී යළි නැඟෙන තරමට
රිදුම් දෙන හිත හුරු කරා
රිදෙන විඳවන හැම සිතක් තුළ
පැසෙන සුවිසල් පැණයෙකීඩ්
පෙනෙන නොපෙනෙන මානයකවත්
විසඳුමක් නොම ඇති රැඳී
තැලි තැලී මුවහත් වෙමින් යමි
දරා හැම දුක් හද රැඳී
සොයමි විසඳුම් සිනා සපුරා
මවා පැතුමන් පොදි බැඳී
✍නිර්නාමිකයා✍
සැ.යු:- කිසිම ආකාරයකින් මෙහි ඇති කිසිඳු පළකිරීමක් අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..
Subscribe to:
Posts (Atom)